මූලික සැළසුම් නිරාකරණය (PPC) කියන්නෙ මොකක්ද කියලා අපි හැමෝම හරි හැටි දන්නෙ නැති නිසයි මේ සටහන තියන්න Planning කරමු අපි තීරණය කරේ. මේ සටහන, නිතරම අපේ අයට තියෙන ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්න අපි තීරණය කරා. එහෙනම් ප්‍රශ්ණයි උත්තරයි කියවන ගමන් Planning කරමු අපි Like කරලා Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.
ප්‍රශ්ණය:
මේකෙන් අපිට ගේ හදන්න පටන් ගන්න පුළුවන් ද? මේක නේද Permit එක කියන්නෙ.
උත්තරය:
කෙටියෙන්ම මේ සම්බන්ධ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් උත්තරය බැහැ සහ නැහැ කියන එක. මේ ගැන අපේ අයට තියෙන අඩු අවබෝධය නිසා තමයි මේ විදියට අපහසුතාවයට පත් වෙලා තියෙන්නෙ. පහළින් තියෙන ප්‍රශ්ණ ටිකත් බැලුවම මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ප්‍රශ්ණය:
මේක ගන්න අවශ්‍යම ද?
උත්තරය:
මේක ගන්න අවශ්‍ය ඇයි කියන එකට දීර්ඝ පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනව. ඉඩමක් අරගෙන ඒකේ development එකක් (නිවසක් හෝ විශාල ව්‍යාපෘතියක්) කරන්න බලාපොරෙත්තු වෙන කෙනෙකුට තමන් සතු ඉඩමේ මොන වගේ ඉදිකිරීමක් කරන්න පුළුවන් ද කියන එක මූලික සැළසුම් නිරාකරණය (PPC) මගින් පැහැදිළි කරලා දෙනවා. මේක තමයි සරලව ම දෙන්න පුළුවන් උත්තරේ. ඊටත් වඩා අපිට දැනෙන තවත් කාරණයක් විස්තර කරන්න ඕන. ණයක් අරගෙන ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන ඔබට සහ ණයක් දැනටමත් Apply කරල ඉන්න අයට මේක වැදගත් වෙනව. මොකද ඔයාගේ Loan එකේ ඊළග කොටස Release කරගන්න Permit එක ගන්න ඕන. Permit එක ගන්න පාර කියන්නෙ මූලික සැළසුම් නිරාකරණය (PPC) කියන එක අනිවාර්යෙන් ම කියන්න ඕන. ඒ වගේම ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුටත් මේක හරියට පාවිච්ච කරලා තමන්ගේ ධනය සහ කාලය අපතේ යාම වළක්වා ගන්න පුළුවන්.
ප්රශ්නය:
මූලික සැළසුම් නිරාකරණය (PPC) apply කරන්න අපේම ඉඩමක් වෙන්න ඕන ද?
උත්තරය:
කොහෙත්ම නැහැ. අපිට වෙන කෙනෙකුගේ කෙටියෙන් කියනව නම් ඔයා ගන්න ඉන්න ඉඩමේ අයිතිකාරයගෙ නමින් apply කරන්න කිසිම බාධාවක් වෙන්නෙ නැහැ. අපි හිතමු කෙනෙක් ඉන්නවා හිතේ තියෙන ගෙයක් හරි බිස්නස් කරන්න තැනක් හරි හදන විදියේ අදහසකුත් එක්ක. ඒ නිසානෙ ඉඩමක් හොයන්නෙ. අන්න එතකොට එයාට පුළුවන් මූලික සැළසුම් නිරාකරණය (PPC)ට Apply කරලා බලන්න. එයාගෙ හිතේ තියෙන වැඩේ එතන කරන්න පුළුවන් ද කියලා. එහෙම කරන්න බැරි නම් එයාට වෙන ඉඩමක් බලන්න පුලුවන්. එහෙම නැත්නම් මූලික සැළසුම් නිරාකරණයෙන් කියන විදියෙ design එකකට යන්න පුලුවන්.
ප්රශ්නය:
හැමෝම අහන ප්‍රශ්ණයක් තමයි ඉඩම අපේ නම් අපි ඒකට සල්ලි ගෙවල තියෙනවනම් සෑම බිම් අගලකට ම වටිනාකමක් තියෙනව නම් ඇයි මෙහෙම තහංචි වැටෙන්නෙ කියලා.
උත්තරය:
මේකට දෙන්න තියෙන සරල උත්තරය තමයි කාර් එක අපේ උනාට ඒක පදින්න නීති ගොඩක් තියෙනවා වගේ එකක්. මෙහෙමයි, අපි කොයි වෙලෙත් බලන්නෙ ඉඩමේ අපිට ඕන විදියට ගේ හදා ගන්න. මිදුලක් තියා ගන්න. ලොකු ගෙයක් හදා ගන්න. ඒ කොයි වෙලාවකවත් අපි හිතන්නෙ නැහැ නේද අපි හදන ගෙදර කාමරයට හුළගක් එන්න තැනක් තියෙනවද කියල. එහා ඉඩමෙත් Blind Wall එකක් දැම්මොත් පට්ට කේස් එකක් වෙනව නේද කියල. පොඩි පොඩි Maintenance වැඩ වලට බිත්ති දිගේ බඩ ගාන්න වෙනවා නේද කියල. මේ වගේ කියන්න නොකියන්න පුළුවන් ගොඩක් දේවල් නිසා තමයි අපේ ඉඩමේ අපිට ඕන විදියට ගේ හදන්න අනුමැතියක් නොලැබෙන්නෙ. රාජ්‍ය ආයතනයක් නීති පනවන්නෙ ඒවා පිළිපදින්න. ඒව පිළිපදින තරමට සමාජ ජීවියා ආරක්ෂා වෙනවා කියලා මං පොත පතේ කියවලා තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්න කැමතියි.
ප්රශ්නය:
Apply කරන්නෙ කොහොම ද?
උත්තරය:
මේ මූලික සැළසුම් නිරාකරණය (PPC) කියන එක අදාල වෙන්නෙ ඔයාගෙ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය මගින් පාලනය කරන ප්‍රදේශයකට අයිති නම් විතරයි. විශේෂයෙන් ම සදහන් කරන්න ඕන ලංකාවේ සියලුම නගර හා මහ නගර සීමා කලාපයන් මේ යටතට වැටෙනව කියල. මේක apply කරන්න වෙන්නෙ Online Application Portal එකක් හරහා. මේ සම්බන්ධයෙන් විස්තර අවශ්‍යයි නම් කොන්දේසි කිහිපයක් යටතේ Planning කරමු අපි ඔයාට උපදෙස් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව කියලා මතක් කරන්න ඕන.
ප්රශ්නය:
මේකෙන් අපිට develop කරන්න නැතිනම් Built කරන්න පුලුවන් සියලුම දේවල් පෙන්නනවද?
උත්තරය:
මේකට නම් දෙන්න පුලුවන් වැනෙන උත්තරයක් තමයි. මොකද ඔයා සම්පූර්ණ Drawing සෙට් එකක් දීලා apply කරොත් ඔයාට ඒ සම්බන්ධයෙන් බලපාන Planning & Building රෙගුලාසි ටික කියනව. එහෙම නැතිව apply කරන්න කිසි බාධාවක් නැහැ. එහෙම කරොත් ඔයාට යන්න පුලුවන් Use එකේ ඉදන් ටිකක් වැඩිපුර Planning & Building රෙගුලාසි දෙනවා.
ප්රශ්නය:
නේවාසික සංවර්ධනය පමණයි කියන එකේ තේරුම මොකක් ද?
උත්තරය:
මේකට ටිකක් දිග උත්තරයක් තමයි දෙන්න වෙන්නෙ. මොකද මේකට යම් කිසි ආකාරයකට Background එක විස්තර කරගන්න ඕන. නාගරික සංවර්ධන අධිකාරිය මගින් පනවන රෙගුලාසි අනුව යම් කිසි ප්‍රදේශ වලට සුවිසේෂී කලාපකරණයක් ලබා දීල තියෙනව. ඒ ඒ කලාප වලට අදාලව සිදු කරන්න පුලුවන් සංවර්ධන කටයුතු වෙනස් වෙනව. සමහර කලාප තියෙනව නේවාසික කලාපය හරි ඊට සමාන නමකින් නම් වුන කලාප. ඒ වගේ තැනක දි තමයි නේවාසික සංවර්ධනයට පමණක් කියලා දෙන්න. මෙතන කියන්න ඕන තව ගොඩක් දේවල් මේකට බලපානව. ඉඩමේ ප්‍රමාණය, ඉඩමට ප්‍රවේශ වෙන මාර්ගයේ පළල වගේ තව දේවල් ටිකක් ඒකට බලපානව. මේ නිසා තමයි ඉස්සෙල්ලම කියන්න උත්සාහ කරේ මූලික සැළසුම් නිරාකරණය (PPC) මුලින් දාල ඉන්න කියල. යකා මොන වගේ කියල බලල ඉන්න කියල.
ප්රශ්නය:
Planning කරමු අපි Contact කරගන්නෙ කොහොමද?
උත්තරය:
Page එක Like කරලා Message එකක් දාන්න.
Comentários