top of page
Search
Writer's picturePlanning කරමු

සංවර්ධන බලපත්රය Development Permit #DevelopmnetPermit


සංවර්ධන බලපත්‍රය කියන්නෙ මොකක් ද කියල ගොඩක් අය මේ වෙන කොට නම් දන්නව. ඒ වුනාට මේ ගැන හරියට නොදැන ගත්තොත් අපිට ලෙඩ ගොඩක් වැටෙන්න පුලුවන්. ඒ නිසා අපි අද කතා කරමු Development Permit එක ගැන.


මේ සටහනත් නිතරම අපේ අයට තියෙන ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්න අපි තීරණය කරා. එහෙනම් ප්‍රශ්ණයි උත්තරයි කියවන ගමන් #Planningකරමු අපි Like කරලා Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

 

ප්‍රශ්ණය

සංවර්ධන බලපත්‍රය Development Permit කියන්නෙ මොකක් ද?

උත්තරය

ඇත්තටම මේකට දෙන්න පුලුවන් සරලම උත්තරය තමයි ඔයාට විභාගෙ ලියන්න Admission හම්බුනා වගේ සිද්දියක්. නිකම් කල්පනා කරල බලන්න ඔයාල විභාගයකට ඉල්ලුම් කරාම ඔයාට Admission එක එන්නෙ ඔයා ඉල්ලුම් කරපු Application එකයි ඒකට දාපු විස්තරයි එක්ක. හොදම දේ තමයි ඔයාට වෙන විභාගයක් ඒකෙන් ලියන්නත් බැහැ. මේ ටික ඔලුවෙ තියාගෙන හෙමින් සැරේ කාරණාවට බැස්සොත් වැඩේ ලේසි වෙනව. ඒ කියන්නෙ ඔයා Submit කරපු #Building #Plans ටිකයි අනෙකුත් විස්තර ටිකයි අනුව තමයි ඔයාට #Development #Permit එක ලැබෙන්නෙ. ඔයාට හිතුමතේ ඒක වෙනස් කරන්න නම් නීතිමය විධි-විධාන පිළිපදින්න සිද්ධ වෙනව.


මේකට දෙන්න පුලුවන් තවත් වැදගත් උත්තරයක් තියෙනව. සාමාන්‍යයෙන් ඉඩමක වටිනාකම අපි ඉස්සර ගණන් බැලුවෙ පාරක් අයිනෙද, ගං වතුර එනවද, ලයිට් වතුර ගන්න පුලුවන්ද වගේ කාරණා එක්ක. නමුත් ඒ කාරණා අද වෙනකොට යම් යම් විධියට සීමා වෙලා තියෙනවා කියල තේරුම් ගන්න ඕන. ඒ සියල්ල ම වෙනුවට Development Permit එක තුරුම්පු ආසියා වගේ කියලා කියන්න පුලුවන්.


ඒ වගේමයි Development Permit එකක් ගත්ත ඉඩමක් Permit එකත් එක්ක විකුණන්න පුලුවන්. ඒකටත් වටිනාකමක් තියෙනවා කියලා අමතක කරන්න බැහැ. මෙතනදීම කියලා දාන්න ඕන තවත් දෙයක් තියෙනව. ඒ තමයි සංවර්ධන බලපත්‍රය ආකාර දෙකකින් දාන්න පුළුවන්,


  1. නව ඉදිකිරීමක් සදහා - මේ ක්‍රමයට තමයි ඔයා පළවෙනි පාරට Development Permit එක අරගන්නෙ.

  2. නැවත ඉදිකිරීමක් - මේතනදි වෙන්නෙ ඔයා සම්පූර්ණයෙන් ම හදලා ඉවර වෙච්ච බිල්ඩිමක් අයෙත් අලුතින් හදන්න අවසර ඉල්ලීමක්. හිතන්නකො ඔයාලා කාලයක් තිස්සෙ නවත්තලා දාල තිබ්බ වැඩක් ආයෙත් දුම් ගහල ගන්න හදනව කියල. අන්න ඒ වගේ වෙලාවකට තමයි මේ ඔප්ෂන් එක දීලා තියෙන්නෙ.


ප්‍රශ්ණය

PPC එක නේද Development Permit එක කියන්නෙ?

උත්තරය

කෙලින්ම දෙන්න තියෙන උත්තරය තමයි නැහැ කියන එක. PPC ගැන දැන ගන්න නම් #Planningකරමු අපේ #PPC ගැන දාපු Post එක බලන්න.

PPC ලෙවල් එකේදි කරන්න පුලුවන් දේ තමයි Soil Investigation Test එක. ඊට පස්සෙ Test Pilling කිහිපයක් කරන්න පුලුවන්. ඒ Foundation Method එකක් හොයාගෙන Building Design එක Finalize කරන්න.


ප්‍රශ්ණය

Development Permit එක වලංගු කාලය කොපමණ ද?

උත්තරය

මේ ප්‍රශ්නය ගැන ටිකක් විස්තර කරොත් ගොඩක් අයට වටිනව කියලා හිතෙනව. Development Permit එක මුල් වරට ලැබෙන්නෙ මාස 24ක කාලයකට. සාමාන්‍යයෙන් නම්. නමුත් ඔයාල අනිවාර්යයෙන් ම ඔයාලගෙ අතට පත් වෙච්ච Development Permit එකේ වලංගු කාලය සම්බන්ධ වගන්තිය හරිහැටි කියවල තේරුම් ගන්න ඕන. මේ ගැන අදහසක් නැත්නම් #Planningකරමු අපිට කතා කරා නම් උදව් කරන්න පුලුවන්. ඒ කාලය ඇතුලත බිල්ඩිම හදලා ඉවර කරන්න ඕන. නැත්නම් Re-Validation කරන්න ආයෙත් Application එකක් දාන්න ඕන.


ප්‍රශ්නය

දැං මගේ අදහස වෙනස් වුණා. මගේ ඩිසයින් එක වෙනස් කරොත් හොදයි කියල හිතෙනව

උත්තරය

ඔයාට Development Permit එකට කරන්න පුලුවන් දේවල් ගනනාවක් තියෙනවා. ඒ එකින් එක ගැන අපි ටිකක් කතා කරමු.

  1. සංශෝධනයක් - මෙතනදි කරන්න පුලුවන් වෙන්නෙ ඔයාලා හදාගෙන යන බිල්ඩිමේ නැත්නම් කලින් ගත්ත Development Permit එකට කරන සංශෝධනයක්. සංශෝධනයක් කියන්නෙ ඔයාගෙ අනුමත වෙච්ච ප්‍රමාණයන් ඉක්මවා නොගොස් (ඒ කියන්නෙ #PlotCoverage, #FAR, #BuildingHeight, Nbr. of floors) සිදු කරන වෙනස්කම්. ඒකියන්නෙ Internal Changes

  2. වෙනස් කිරීමක් - මෙතනදි කරන්න පුලුවන් වෙන්නෙ ඔයාලා හදාගෙන යන බිල්ඩිමේ නැත්නම් කලින් ගත්ත Development Permit එකට කරන වෙනස් කමක්. ඒ කියන්නෙ අනුමත වෙච්ච ප්‍රමාණයන් ඉක්මවා ගොස් සිදු කරන වෙනස්කම්. මේකෙන් අනුමත ප්‍රමාණයන් අඩු වෙන්නත් පුලුවන්.

  3. එකතු කිරීමක් - මෙතනදි කරන්න පුලුවන් වෙන්නෙ ඔයාලා හදාගෙන යන බිල්ඩිමේ නැත්නම් කලින් ගත්ත Development Permit එකට කරන එකතු කිරීමක්.

මේ මොන දේ කරත් අපි එක දෙයක් මතක තියා ගන්න ඕන. ඔයාලා වෙනත් කරන දේවල් අනුමත වුණු ප්‍රමාණයන් ඉක්මවා ගියාට කිසි ප්‍රශ්ණයක් නැහැ. හැබැයි, ඒක පවත්නා ගොඩනැගිලි රෙගුලාසි වලින් පිට පනින්න නම් බැහැ. තේරුණේ නෑ නේද? කමක් නෑ අපි ඒක මේ විදියට සරල කරල ගමු.

ඔයාට මුලින්ම PPC එකක් හම්බෙලා තියෙනව නම් ඒකෙ තියෙනව “C Form” කියල එකක්. ඒකට අනුගත විය යුතුමයි. ඒ වගේම ඒකෙ කියලා තියෙනව ඔයගෙ ඉඩම අයිති වෙන Zone එක. එතකොට ඒ Zone එකට අදාල වෙන රෙගුලාසි ටික ටවුන් ප්ලෑනර් (Town Planner) කෙනෙක් හම්බෙලා අහගන්න පුලුවන්. කරමු අපි නම් ඔයාල එක්කෝටම යෝජනා කරන්නෙ ටවුන් ප්ලෑනර් (Town Planner) කෙනෙක් මුණගැහිල තමන් කරන්න යන දේවල් සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබා ගන්න කියල.

අපිට මුණගැහිල තියෙන ගොඩක් අය මේ දේවල් දන්නෙ නැතුව නිකම් රස්තියාදු වෙනව. තමන් හරි හම්බ කරපු මුදල් නිකරුණේ නාස්ති කරන්නෙ නැතිව ටවුන් ප්ලෑනර් (Town Planner) කෙනෙක් තමන්ගෙ සංවර්ධන ක්‍රියාවෙ ඇඩ්වයිසර් කෙනෙක් විදියට Milestone වලදි මුණ ගැහිල ඇඩ්වයිස් ගන්න කියල අපි තව දුරටත් තහවුරු කරනව.


ප්‍රශ්නය

මං නම් ගේ හැදුව ඔයි මුකුත් නැතුව. මට තාම ප්‍රශ්ණයක් නැහැනෙ.

උත්තරය

ඔව් අපිටත් ප්‍රශ්ණයක් පේන්නෙ නැහැ එතන නම්. ඒත් මතක තියා ගන්න ඔයාට ඔයගෙ ගෙදර Insurance කරන්න බැහැ. නීතිමය වශයෙන් ගත්තොත් ඕක අනවසර ඉදිකිරීමක්. ඔයා කොච්චර සල්ලි වියදම් කරල හැදුවත් අනවසර කියන කෑල්ල අයින් කර ගන්න නම් නීතිමය වශයෙන් ගෙවිය යුතු දඩ මුදල් ගෙවල Permit එකක් අරගන්න නම් වෙනව.

ඒ වෙලාවෙදි ඔයා, ඔයාගෙ ඉඩමට අදාලව පවතින ගොඩනැගිලි රෙගුලාසි උල්ලංඝණය කරල තියෙනව නම් ඔයාට ඒ දේවල් කඩන්න සිද්ද වෙනව. ඉතින් සල්ලි තිබුනා කියලා ඉක්මන් තීරණ ගන්න එපා කියල මතක් කරන්න කැමතියි. මේක කියවන කාට හරි මේ වගේ දෙයක් වෙලා තියෙනව නම් #Planningකරමු අපිව සම්බන්ධ කරගන්න. පුලුවන් උපරිමයෙන් උදව් කරන්න අපි සූදානම් කියල මතක් කරනව

 

ප්‍රශ්නය

Planning කරමු අපි Contact කරගන්නෙ කොහොමද?

උත්තරය

Page එක Like කරලා Message එකක් දාන්න. 👌😎

පොඩි දෙයක් කියන්න තියෙනව. ගොඩක් වැඩ තියෙගෙන තමයි මේ දැනුවත් කිරීම් කරගෙන යන්නෙ. ඒ නිසා ඔයාලගෙ Comments දිරිමත් කිරීමක් වෙන්න පුලුවන්.

17 views0 comments

Comments


Post: Blog2_Post
bottom of page