නගර සැළසුමකට සහාය දැක්වීමෙන් ආපදා අවස්තාවකදී ඉන් බේරීමට ඔබට හැකියාව තිබෙන බව ඔබ දන්නවාද? ගොඩක් අය දන්නෙ නැතුව ඇති. සමහරවිට තමන්ගෙ ඉඩම තමන්ට ඕන විදියට කියල එක එක විදියට ගෙවල් හදාගෙන ඉන්න අයත් ඇති. කොයි කවුරු වුනත් නීතිය නිර්මාණය කරල තියෙන්නෙ ඔබේත් අපේත් යහපතට කියන එක මතක තියාගෙන ඉස්සරහට කියවගෙන යමු.
දැං Hotම Topic එක නව කොරෝනා කාණ්ඩයකට අයත් බවට හදුනාගෙන තියෙන Covid-19 කියන වයිරස් එකයි, ඒක ලෝක වසංගතයක් වෙච්ච එකයි. මේක මොන වගේද කියන එක පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. මේකෙ දිග පළල ඕනම කෙනෙක් දන්නව. ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහ කණාමැදිරි එළියටත් බයයි කියනවනේ. අපි මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන.
අපි හැමදාට නගරයක් කියන එකට උදාහරණයට ගන්නෙ කොළඹ නගර කලාපය. මේ නගර කලාපයයි චීනයේ වූහාන් නගරයයි ඉතාලියේ මිලාන් නගරයයි සම්පූර්ණයෙන් වෙනස් කියන එක කියන්න ඕන. මේ වෙලාවෙ රටටම ඇදිරි නීතිය දාල තියෙන්නෙ. ඒ කියන්නෙ කොළඹ හිටපු භාගයක් අය ගම් වලට ගිහිල්ල. කොළඹ හිස් වෙලා. දෛනික සංචලතාවය වගේම මේ වගේ තත්වයකදී වන සංචලතාවයත් සැළකිල්ලට ගන්න ඕන. එතකොට Disaster Resilience විදියට කොළඹ නගරය Adjust කරන එකේ වටිනාකමක් තියෙනව ද ඒක කරන්න ඕන කොච්චර සීමාවක ඉදගෙන ද කියන එක Town Planners ලා කල්පනා කරන්න ඕන. ඒ වගේමයි මේ නගර නිර්මාණ ක්‍රියාවලිය තුලදි අනෙත් Professionals ලාගෙ දායකත්වය සහ එයාලගෙ Experience එක ලබා ගන්නෙ කොහොමද කියන එකත් කල්පනා කරන්න ඕන. මොකද දියුණු ලෝකයේ තියෙන සමහර උපකරණ සහ ඒවායේ භාවිතය ගැන දන්නෙ ඒ ඒ මට්ටම් වල සුදුසුකම් ලත් තැනැත්තන් විසින් වන නිසා.
වසංගත තත්වයකට පෙර සූදානමක් වෙන්න අපි වගේ රටකට තාම අමාරුයි. ඒක දේශපාලනික කෝණයකින් වුනත් ආර්ථික කෝණයකින් වුනත් සමාජ කෝණයකින් වුනත් විග්රහ කරගන්න වෙන්නෙ ඒ විදිය. මේක නිසා තමයි නගර නිර්මාණ ශිල්පීන් විසින් නාගරික ප්රදේශ හදුනාගෙන ඒ ඒ ප්දේශ වල සංවර්ධනය සදහා විවිධ සංවර්ධන සැළසුම් ඉදිරිපත් කරන්නෙ. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිට අයිතිය තියෙන බිම් අගලට සංවර්ධන රෙගුලාසි බලපවත්වන බව තේරුම් ගත යුතුව තිබෙනව. මේ දේවල් වලින් කොහොමද නගර ආරක්ෂා වෙන්නෙ එහෙම වෙන්නෙ නැතිනම් ඒ ගැන ඉදිරියට පර්යේෂණ කරන්න නගර නිර්මාණ ශිල්පීන් සැදි පැහැදී ඉන්න බව මතක් කරන්න ඕන. මෙහෙම නිර්මාණය වන රෙගුලාසි වලින් ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියල Planning කරමු අපි Page එක දැඩි ලෙස විශ්වාස කරනව.
අවම ඉඩම් පරිමාණය, (Minimum Plot Size) එහෙමත් නැත්නම් කට්ටි කල හැකි අවම ඉඩම් කොටස කියන රෙගුලාසිය ඒ වගේම ඉදිකිරීමක් තුලින් භූමියේ වැසිය හැකි (Plot Coverage) උපරිම ප්රතිශතය, උපරිම උස (Maximum Height) සම්බන්ධව තියෙන රෙගුලාසියත් එක්ක සමස්ත රෙගුලාසි පද්ධතිය ක්රියාත්මක කිරීම අපි රටක් විදියට ලබපු ලොකු ජයග්රහණයක් කියල කියන්න ඕන. නීතයක් ඉදිරිපත් කිරීමෙන් පමණක් මෙම ක්රියාවලිය එසේම සිදු වේවි කියල හිතන්න බෑ. උස බිල්ඩිමකට නැගල තම තමන්ගෙ නගර දිහා බැලුව නම් මේ කියන එක තේරෙනව. එහෙනම් මේක දිගටම Monitor කරන්න ඕන. මේකත් එක්ක කියන්න ඕන විශේෂ දෙයක් තියෙනව. ඒක තමයි, සමහර තීන්දු තීරණ තියෙනව ආකර්ෂණීය බවෙන් පොඩ්ඩක් අඩුයි. හැබැයි දිගු කාලීනව අපි හැමෝටම නිදහසේ ඉන්න පුළුවන් විදියෙ වටපිටාවක් හැදෙන එක සංයමයෙන් හිතන්න ඕන කාරණාවක්.
අනිත් පැත්තට නගර නිර්මාණ ශිල්පින් නගර හදන්න දක්වන දායකත්වය වගේම එය එසේ වනවාදැයි බැලීමට දක්වන දායකත්වය කතා කල යුතු මාතෘකාවක්. මේක දෙයාකාරයකට වෙනව. එකක් Government එකේ ව්‍යවස්ථාපිත ආයතන මගින්. අනිත් එක තමයි Town Planning Consult Firm මගින්. Consult Firm වලට ලොකු වගකීමක් තියෙනව මේ රෙගුලාසි Enforce කරන්න දෙන දායකත්වය සම්බන්ධයෙන්. මොකද මේ වගේ ආයතන වලින් Customer ගේ හිතේ තියෙන Design එකටත් Propose කරන Activity එකටත් ගැළපෙන Locations, Lands හොයල දෙන එක කරනව. ඒ වගේම දැනට තියෙන ඉඩම් වල මොන වගේ Development එකක් කරන්න පුළුවන්ද කියන එකත් එයාල කියනව. මේ වැඩේ නිසා රාජ්‍ය ආයතන වලටත් පැකිලීමකින් තොරව අනුමැතියන් ලබා දීමටත් හැකියාව තියෙනව.
මේ මොන විදියකට වුනත් වෙන්න ඕන දේ තමයි පවතින රෙගුලාසි වලට ගැළපෙන විදියට Development කරන එක. ඉඩමක් අරන් අනුමැතිය දෙන්නෙ නෑ කියල ව්‍යවස්ථාපිත ආයතන වලට බනින එක තේරුමක් නැහැ කියන එක කාගෙ කාගෙත් හිත් වලට ගියා නම් Planning කරමු අපි Page එක මේක ලියන්න ගත්ත මහන්සියට ප්‍රතිඵල තියෙනව.
අද 2020 මාර්තු 21 වන සෙනසුරාදා
Planning කරමු අපි
Comments