නිදහසෙන් හරියටම අවුරුදු හැත්තැ දෙකකට පස්සෙ මේ වගේ මාතෘකාවක් කතා කරන්න වෙන එක ගැන අපි ටිකක් ලැජ්ජ වෙන්නත් ඕන. මොකද දේශපාලන වේදිකාවල රට සංවර්ධනය කියන මාතෘකාව එදත් අදත් hot topic එකක්. අපි මේ කතාව දේශපාලනයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ල විවේඡනය කරන්න අපි පොඩ්ඩක් try කරනව. මොකද අපි කරල තියෙන දේවල් ඒ විදියටම කතා කරන්න සූදානම් නෑ. පහළට කියවගෙන ගිහ්ල්ල ඔයාගෙ Idea එකත් කියන්න පුලුවන් නම් මේක බුද්ධිමය සංවාදයක් කරගන්න පුළුවන්.
අපි Singapore දිහා බලාගෙන USA/UK වල cities දිහා බලාගෙන හැමදාම දියුණු රටක් ගැන කියවනව. ඇත්තටම කරන්න ඕන ඒකද? අපි ඇමරිකාව වුනාම සිංගප්පූරුව වුනාම හරිද? එතකොට කොහේද විවිධත්වය කියන සංකල්පය. අපි රටක් විදියට වරද්ද ගත්ත තැනක් තමයි මේක. පොඩ්ඩක් හිතල බලන්න නුවර පෙරහැර ඇමරිකාවෙ හරි සිංගප්පූරුවේ හරි background එකක තියල. ගැළපෙනව මදි නේද? ඉන්දියාවෙ හෝලි Festival එංගලන්තෙ නගරයක තිබ්බ නම් ගැලපෙනව ද? පොඩ්ඩක් upset වගේ නේද? මොකද්ද ඒකට හේතුව? ඔයා හරි. සංස්කෘතිය. ඔව් ඒක තමයි. එහෙනම්, අපි දියුණු ද නැද්ද කියල බලන මිම්ම පොඩ්ඩක් Adjust කරගන්න වෙනව.
ඒ වගේමයි රටේ සංවර්ධනය තීරණය කරන Professionals ලා මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් ලබා දෙන්න ඕන කියල අපි පෙන්නල දෙනව. මේ සම්බන්ධයෙන් නගර නිර්මාණ ශිල්පීන් මේ වන තෙක් දරපු උත්සහයන් සාර්තකයි කියල අපි විශ්වාස කරනව. Article එකේ අන්තිමට අපි ඒ ගැන ඔයාලට කියන්නම්.
මහින්දාගමනයත් එක්ක අපි සිවිල් සමාජයට ප්‍රවිෂ්ඨ වුනා කියන එක පිළිගන්න ඕන දෙයක්. ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංවර්ධනය සිද්ධ වෙන්නෙ මෙතනින් පස්සෙ. එතනින් start එක තිබ්බත් කාලෙත් එක්ක සිද්ධ වෙච්ච ආගමනයන් එක්ක අපේ නූතන සංස්කෘතිය form වුණා. විජය ලංකාවට ආවම ටිකක් දේවල් හම්බුනා. ඊට පස්සෙ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ආවම තවත් ටිකක් හම්බුනා. අපි ඔය ඔක්කොම හොදයි කියල බදා ගත්ත. දැං ඒ ටික කරගන්න පහසුකම් නැතුව පට්ට ගේමක් දෙනව. අපි ඒකට උත්තර දෙන්න පොඩි දේවල් ටිකක් හොයා ගත්ත. ඇත්තටම මේ Article එක ලියන්න හිතුනෙත් මේ ටික දැක්කට පස්සෙ.
මේ කොටස් අපිට විකිපීඩියා එකෙන් තමයි හම්බුනේ. මං ඊට වඩා කිසි දෙයක් ඒ ගැන කතා කරන්නෙ නැහැ.
ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ.
බුදු දහම හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.
ක්‍රිස්තු වෂර් වල ආරම්භක කාලයේ අනුරාධපුර නගරය එහි උපරිම තලයට පැමිණුනි. වර්‍ග සැතැප්ම 256ක (663 sq. km.) වපසරියක් වටකොට ඉදි කෙරුනු සැතැප්ම 16 (26km) බැගින් දිග දිග බැමි (තාප්ප), එහි වූ ජනගහනය, අලංකාර දෙවොල්, මහජන මන්දිර හා ගත් කල නිනෙවෙ(හ්) සහ බැබිලෝනියා ශිෂ්ඨාචාරයන් එකල සිටි උපරිම තලයට සමව අනුරාධපුරය ද පැවතුනි.
Photo ටික Slide කරල බලන්න.
ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව තමයි මුලු ලංකාවටම සංවර්ධන සැළසුම හදල තියෙන්නෙ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ National physical Planning Policy & The Plan -2050 කියල. රටේ කර්මාන්ත, පරිවහන හා ප්‍රවාහනය, නාගරීකරණය, සංස්කෘතික විවිධත්වය, ස්වභාවික උපද්‍රව සහ ආසියානු කලාපීය සංවර්ධනය කියන ඔක්කෝටම හරි යන විදියට plan එක හදල තියෙනව. මේ plan එකේ අඩුපාඩුවක් Planning කරමු අපි Crew එක නම් දකින්නෙ නැහැ. මේක නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ ගැටළුව නම් අපි සමාජ ගත කරනව. කවුරු හරි කියනව නම් මේක හදල නිකං තියාගන ඉන්නව කියල, අපි ඒකට දැඩි ලෙස විරුද්ධයි. Internet එකෙන් Download කරගන්න පුළුවන්. අනික සෑම රාජ්‍ය ආයතනයකම සහ සමාජයේ පවතින අදහස් වලට ගරු කරගෙන තමයි මේක නිර්මාණය කරල තියෙන්නෙ. ඒ කියන්නෙ රජය මේක දන්නව. අපි මේ කියන්න try කරන්නෙ, සමාජාර්ථික දේවල් එක්ක කාලීන අවශ්‍යතාවයන් වලට ඉඩ දෙන ගමන් තවත් අවුරුදු ගානක ඉදිරියක් පුරෝකතනය කරගෙන පුළුල් නිර්මාණයක් කරල තියෙනව කියල.
ඒකට අපි අපේ ගෞරවය ලබා දෙනව. ඒ නිසාම තමයි අපි තීරණය කරේ මේ ගැන ටිකක් එළියට ඇවිල්ල කතා කරන්න. හොද දේවල් හොදයි කිව්වට වැඩක් නෑ ඒකට නිවැරදි වටිනාකම ලැබෙන්න නැත්නම්. මේකත් එහෙමයි. අපි ඒකයි මුලින්ම කිව්වෙ නිදහසින් පස්සෙ අවුරුදු 72ක ඉතිහාසය ගැන පොඩ්ඩක් ලැජ්ජයි කියල. දැං එතකොට තීරණයක් ගන්න පුළුවං දේශපාලනඥයින්ට කරන්න තියෙන්නෙ මේක enforce කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබල දෙන එක.
ඇයි මේක නොකරන්නෙ. ඒ අය මේක නොදන්නව ඇති. නොදන්නව වගේ ඉන්වැති. සමාජ පුරවැසියන් විදියට අපිට කරන්න පුළුවං මොකක් ද? අපේ නගරයට, දිස්ත්‍රික්කයට, පළාතට යෝජනා කරල තියෙන Projects enforce කරන්න කියන බලපෑම අපිට කරන්න පුළුවං. පාරකට concrete දාන එකයි නගර චුට්ටක් ලස්සන කරන එකයි රටක සංවර්ධනය නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. Subject එක ගැන දන්න අය තමන්ගෙ සමාජ වගකීම තේරුම් අරගන්න ඕන. මේ දේවල් සමාජගත කරන්න හොදම වෙලාව දැං ඇවිල්ල තියෙනව කියල අපිට හිතෙනව.
කාට හරි මේ ගැන හොයන්න ඕන නම් Click කරල බලන්න. පිටු 132ක් තියෙන සම්පූර්ණ Plan එකම මෙතන තියෙනව. මේක Present කරපු presentation එක බලන්න ඕන නම් Click කරල බලන්න. මේ දේවල් ගැන අවධානෙන් ඉන්නඅයට තමයි PDF දෙක දැම්මෙ. Plan එකේ තියෙන දෙවල් අපි පස්සෙ කතා කරන්නම්. මොකද මේක කියවන ඔයාගෙත් අදහසත් අරගෙනම විවේඡනාත්මක සටහනක් ලියවුනොත් හොදයි කියල අපි decide කරා. එහෙනම් අනිවාර්යෙන් comment කරන්න.
අද 2020 මාර්තු 23 වන සෙනසුරාදා
Planning කරමු අපි
Kommentarer